පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1622/2023
ගරු තිස්ස අත්තනායක මහතා,— වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2020 වර්ෂයේදී මහේස්ත්‍රාත් අධිකරණ මඟින් දඩ මුදල් වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත එවන ලද රු.7,676,874/- ක් වටිනා චෙක්පත් 154ක් එම අධිකාරිය විසින් නියමිත කාලය තුළදී නිෂ්කාශනය කර ගැනීමට කටයුතු නොකිරීම හේතුවෙන් එම චෙක්පත් කල් ඉකුත් වී නැවත අධිකරණ වෙත යවා ඇති බව දන්නේද;
(ii) ඉහත සඳහන් චෙක්පත් 154 නියමිත කාල සීමාව තුළ නිෂ්කාශනය කර ගැනීමට එම අධිකාරිය කටයුතු නොකිරීම සඳහා හේතු වූ කරුණු කවරේද;
(iii) මේ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් හඳුනාගෙන තිබේද;
(iv) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
(v) නැවත අධිකරණ වෙත යවා ඇති ඉහත සඳහන් චෙක්පත් 154 වෙනුවට මේ වනවිට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබී ඇති චෙක්පත් සංඛ්‍යාව සහ එම එක් එක් චෙක්පතේ වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-18
අසන ලද්දේ
ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
මහෙස්ත්‍රාත් අධිකරණ මඟින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට එවන ලද චෙක්පත්: නිෂ්කාසනය නොකිරීම
පිළිතුරු දුන් දිනය
2023-11-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නලින් ප්‍රනාන්දු, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks