පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1632/2023
ගරු ගුණතිලක රාජපක්ෂ මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නාය යෑම් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට නිරන්තරයෙන් බාධා සිදු වන බවත්;
(ii) එමඟින් ඇති වන ප්‍රමාද වීම් හේතුවෙන් විදේශීය සංචාරකයන් හා දේශීය මගීන් යන දෙපාර්ශ්වයම අපහසුතාවයට පත්වන බවත්;
(iii) එම දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යුද හමුදා භටයන් සහ දුම්රිය සේවකයන් යොදා ගැනීම කාර්යක්ෂම නොවන බවත්;
(iv) ලෝකයේ වෙනත් රටවල නවීන තාක්ෂණය භාවිතා කරමින් මෙවැනි කාර්යයන් සිදු කරනු ලබන බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන්ගේ සහ තාක්ෂණ නිලධාරින්ගේ දැනුම උපයෝගී කර ගනිමින් දුම්රිය මාර්ගවල පස් ඉවත් කිරීම සඳහා බැකෝ යන්ත්‍රයක් නිර්මාණය කිරීමට පියවර ගන්නේද;
(ii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-24
අසන ලද්දේ
ගරු ගුණතිලක රාජපක්ෂ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
උඩරට දුම්රිය මාර්ගය: නාය යෑම් නිසා සිදුවන අවහිරතා
පිළිතුරු දුන් දිනය
2023-04-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බන්දුල ගුණවර්ධන, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks