E   |     |  

 දිනය: 2023-03-24   පිළිතුර ලබා දී ඇත 

1635/ 2023 - ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1635/2023

      ගරු මිලාන් ජයතිලක මහතා,—  කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      වර්ෂ 2020 සිට 2022.06.30 දින දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා විදේශ රැකියා සඳහා යොමු කර ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) එම ශ්‍රමිකයන් යොමුකර ඇති රටවල් කවරේද;

      (iii) එම එක් එක් රට සඳහා යොමුකර ඇති ශ්‍රමිකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) මේ වනවිට ශ්‍රී ලංකාවට ලැබී ඇති විදේශ රැකියා කෝටාව එක් එක් රට අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (v) රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා ක්‍රියාත්මකව පවතින භාෂා පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-03-24

අසන ලද්දේ

ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

2020-2022 දක්වා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රැකියාවලට යොමු කර ඇති ශ්‍රමිකයන්: විස්තර

පිළිතුරු දුන් දිනය

2023-04-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මනූෂ නානායක්කාර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks