බලන්න

E   |     |  

 දිනය: 2012-10-25   පිළිතුර ලබා දී ඇත 

2199/ 2012 - ගරු රවී කරුණානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2199/’11

       

      ගරු රවී කරුණානායක මහතා,— පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      පසුගිය වර්ෂ හතරක කාලය තුළ, එක් එක් වර්ෂයේදී සී/ස මිල‍්කෝ පුද්ගලික සමාගම,

                    (i)       ලැබූ ලාභය හෝ අලාභය කොපමණද;

                   (ii)       සේවයේ යොදවා ඇති කාර්ය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව; එක් සේවකයකුගෙන් ලැබූ ලාභය සහ එක් සේවකයකු සඳහා දරන ලද පිරිවැය කොපමණද;

      (iii) රජයට ගෙවූ තීරුබදු සහ බදු ප්‍රමාණය කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ආ) (i) සී/ස මිල්කෝ සමාගම තුළ මේ දක්වා යොදවන ලද ගෙවා නිමි ප්‍රාග්ධන සහ සංචිත කවරේද;  

      (ii) එම ආයතනයට ලබා දෙන පොහොර සහනාධාරය සඳහා කරන ලද වියදම් රජය විසින් ප්‍රතිපූරණය කර ගන්නා ආකාරය කවරේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?        

      (ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-10-25

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සී/ස මිල‍්කෝ පුද්ගලික සමාගම : ලාභ/අලාභ

පිළිතුරු දුන් දිනය

2012-10-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු එච්.ආර්. මිත්‍රපාල මහතා, පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks