E   |     |  

 දිනය: 2023-10-03   පිළිතුර ලබා දී ඇත 

1761/ 2023 - ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1761/2023

      ගරු සමන්ප්‍රිය හේරත් මහතා,—  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු මේ වනතෙක් භාවිතයට ගෙන නොමැති ඉඩම් ප්‍රමාණය ‍කොපමණද;

                   (ii)      එම දෙපාර්තමේන්තුව සතු එක් එක් දිස්ත්‍රික්කයෙහි පිහිටි ඉඩම් පිළිබඳ ලේඛනයක් පවත්වාගෙන යන්නේද;

      (iii) දෙපාර්තමේන්තුවේ ඉඩම් මේ වනවිට බදු දී තිබේද;

      (iv) එසේ නම්, බදු දී ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;

        (v) එම ඉඩම් බදු දීමේදී නිවැරදි  ක්‍රමවේදයක් අනුගමනය කර තිබේද;

        (vi) එම ඉඩම් බදු දීම මඟින් වාර්ෂිකව උපයා ගනු ලබන බදු ආදායම කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-10-03

අසන ලද්දේ

ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව: බදු දී ඇති ඉඩම්

පිළිතුරු දුන් දිනය

2023-10-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බන්දුල ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks