E   |     |  

 දිනය: 2023-11-24   පිළිතුර ලබා දී ඇත 

1764/ 2023 - ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1764/2023

      ගරු සමන්ප්‍රිය හේරත් මහතා,—  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ඇති කාර්මික විද්‍යාල සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

                   (ii)      ඒවා  ස්ථාපිත කර ඇති  ප්‍රදේශ කවරේද;

                  (iii)       ඒවායේ සේවය කරනු ලබන අධ්‍යයන හා අනධ්‍යයන සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) කාර්මික විද්‍යාල සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන විසින් පවත්වාගෙන යනු ලබන පාඨමාලා සංඛ්‍යාව කොපමණද;

      (ii) ඒවා වර්තමානයට ගැලපෙන පරිදි යාවත්කාලීන කර තිබේද;

        (iii) වර්ෂ 2015 සිට මේ දක්වා කාර්මික විද්‍යාල සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල පාඨමාලා හදාරන ලද අභ්‍යාසලාභීන් අතරින් දේශීය හා විදේශීය රැකියා සඳහා යොමු කර ඇති සංඛ්‍යාව කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-11-24

අසන ලද්දේ

ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks