E   |     |  

 දිනය: 2023-08-25   පිළිතුර ලබා දී ඇත 

1804/ 2023 - ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1804/2023

      ගරු කුමාරසිරි රත්නායක මහතා,—  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      මොනරාගල දිස්ත්‍රික්කයේ, පළාත් සභා පාලනය යටතේ පවතින පාසල් සංඛ්‍යාව කොපමණද;

                   (ii)      එම පාසල්වල විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති හා සහකාර විදුහල්පති ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරි නිලධාරින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) ඉහත පාසල් අතරින් ශ්‍රේණිධාරි විදුහල්පතිවරුන් සිටින පාසල් සංඛ්‍යාව හා වැඩබලන විදුහල්පතිවරුන් සිටින පාසල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා ‍මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) විදුහල්පති තනතුරේ වැඩබලන උප ගුරුවරුන් ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා තීරණයක් ගෙන තිබූ බව දන්නේද;

      (ii) එසේ නම්, එම තීරණය ක්‍රියාත්මක කරනු ලබන දිනය කවරේද;‍

        (iii) එම තීරණය ක්‍රියාත්මක නොකරන්නේ නම්, එයට හේතු කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-08-25

අසන ලද්දේ

ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks