බලන්න

E   |     |  

 දිනය: 2023-03-22   පිළිතුර ලබා දී ඇත 

1806/ 2023 - ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1806/2023

      ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ මේ වනවිට ස්ථාපිත කර ඇති නිදහස් වෙළඳ කලාප සංඛ්‍යාව කොපමණද;

                  (ii)       ඒවායේ නම් කවරේද;

                 (iii)       2015 වර්ෂයේ සිට මේ දක්වා එම එක් එක් නිදහස් වෙළඳ කලාපයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා වැය කරන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම අත්‍යාවශ්‍ය වන බැවින් ඉහත සඳහන් නිදහස් වෙළඳ කලාපවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-03-22

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආයෝජන ප්‍රවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

නිදහස් වෙළඳ කලාප: යටිතල පහසුකම් සංවර්ධනය

පිළිතුරු දුන් දිනය

2023-03-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිලුම් අමුණුගම, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks