E   |     |  

 දිනය: 2012-07-06   පිළිතුර ලබා දී ඇත 

2216/ 2012 - ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2216/’12

       

      ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       “මහින්ද චින්තන - දිනවමු ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති මාලාවේ ජනසෙවන වැඩසටහන යටතේ, පළමු වර්ෂ පහේදී පොලිය පමණක් ගෙවීමේ පහසුකම සහිත නිවාස ණය යෝජනා ක්‍රමයක් ඇතිකිරීමට පොරොන්දුවක් දී ඇති බව එතුමා  දන්නෙහිද?

      (ආ)  (i)  ඉහත ‍පොරොන්දුව පරිදි එම නිවාස ණය යෝජනා ක්‍රමය ආරම්භ කළ වර්ෂය කවරේද;

         (ii)  මේ වන විට එකී නිවාස ණය ලබා දී ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;

        (iii)  නිවාස ණය ලබාදීමේදී ප්‍රතිලාභීන් තෝරා ගත් පදනම කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ඇ)   නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-07-06

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ජන සෙවණ නිවාස ණය යෝජනා ක්‍රමය : විස්තර

පිළිතුරු දුන් දිනය

2013-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලසන්ත අලගියවන්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks