E   |     |  

 දිනය: 2012-06-19   පිළිතුර ලබා දී ඇත 

2235/ 2012 - ගරු ගරු රාජිව විජේසිංහ මහතා, පා.ම., මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2235/’12

      ගරු රාජීව විජේසිංහ මහතා,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       චාවකච්චේරි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී. එස්. නවරත්නම් මහතාට අයත්ව තිබූ චාවකච්චේරි පැරණි පොලිස් ස්ථාන පටුමගේ පිහිටා ඇති ‘රාජපූපති මාලිගයි’ නැමැති නිවසේ අනාථ ළමුන් සඳහා වූ නිවාසයක් යනුවෙන් හඳුන්වන ස්ථානයක් පවත්වා ගෙන යන බවත්;

        (ii)  එහි සැබෑ හිමිකරුවන් සමග විධිමත් ගිවිසුමකට එළැඹීමකින් තොරව වෙනත් පාර්ශ්වයක් විසින් අනාථ ළමුන් සඳහා වූ නිවාසය පවත්වාගෙන යාමට එම නිවස භාවිතා කරන බවත්;  

      එතුමා දන්නෙහිද?        

      (ආ)  (i)  ඉහත සඳහන් ස්ථානයේ මේ වන විට රැකවරණය ලබන අනාථ ළමුන් සංඛ්‍යාව කොපමණද;

        (ii)  ඉහත සඳහන් ස්ථානය බලයලත් නිලධාරීන්ගේ විමර්ෂණයට භාජනය වන්නේද;

        (iii)  එම අනාථ ළමුන් සඳහා වූ නිවාසයේ රැකවරණය ලබන කිසිදු ළමයකු අපයෝජනයට ලක් නොවන්නේද; 

      යන්න එතුමා  සඳහන් කරන්නෙහිද?    

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-06-19

අසන ලද්දේ

ගරු ගරු රාජිව විජේසිංහ මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks