E   |     |  

 දිනය: 2023-10-20   පිළිතුර ලබා දී ඇත 

2401/ 2023 - ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2401/2023

      ගරු ඉෂාක් රහුමාන් මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එම පිරවුම්හල්වල ලිපිනයන් කවරේද;

                  (iii)       එම පිරවුම්හල් අතරින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම සතු පිරවුම්හල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) වර්ෂ 2015 සිට මේ දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ලබා දී ඇති ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;

      (ii) එම බලපත්‍ර ලබා ගන්නා ලද එක් එක් පුද්ගලයාගේ නම හා ලිපිනය වෙන් වෙන් වශයෙන් කවරේද;

        (iii) එම බලපත්‍ර ලබා දීමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව උපයා ගන්නා ලද ආදායම කොපමණද;

      (iv) ඉහත බලපත්‍ර ලබා දීමේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සලකා බලන ලද නිර්ණායක කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-10-20

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks