E   |     |  

 දිනය: 2012-11-21   පිළිතුර ලබා දී ඇත 

2272/ 2012 - ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2272/’12

       

      ගරු දයාසිරි ජයසේකර මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත්, කොළඹ, මාලිගාවත්ත ජාතික නිවාස යෝජනා ක‍්‍රමයේ ඊ 2/2/2 දරන නිවාස ඒකකයේ  හිමිකරුගේ නම කවරේද;

        (ii)  එම නිවාස ඒකකය භාවිත කරන්නන් විසින් සැලැස්මට අනුකූල නොවන ලෙස එම නිවාස ඒකකය වෙනස් කිරීමකට භාජනය කිරීමක් හෝ පුළුල් කිරීමක් හෝ සිදුකර තිබේද;

        (iii)  එසේ නම්, ඒ සඳහා අනුමතිය ලබාගෙන තිබේද;

        (iv)  අනුමතිය ලබා දී තිබේ නම්, එම ලේඛන ඉදිරිපත් කරන්නේද;

        (v)  එම වෙනස් කිරීම් සිදු කිරීම සඳහා අනුමතිය ලබා දුන් බලධාරියා කවුරුන්ද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)  (i)  ඉහත  නිවාස ඒකකයේ සිදු කර ඇති වෙනස් කිරීම් ඉවත් කරන්නේද;

        (ii)  එසේ නම්, ඉවත් කරන දිනය කවරේද;

        (iii)  එම වෙනස් කිරීම් ඉවත් නොකරන්නේ නම්, එයට හේතු කවරේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-11-21

අසන ලද්දේ

ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මාලිගාවත්ත ජාතික නිවාස යෝජනා ක‍්‍රමය : අංක ඊ 2/2/2 දරන නිවාස ඒකකය

පිළිතුරු දුන් දිනය

2012-11-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විමල් වීරවංශ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks