E   |     |  

 දිනය: 2012-11-23   පිළිතුර ලබා දී ඇත 

2274/ 2012 - ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2274/’12

       

      ගරු දයාසිරි ජයසේකර මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ඩෙව්කොෂෝවා සමාගම ලෙසින් ආරම්භකරන ලද පසුව ෆුජීමා ස්ටේට් කෝපරේෂන් සමාගම නමින් පවත්වාගෙන යන ආයතනය සතු කොටදණියාව වැඩිබිම මේ වන විට ක‍්‍රියාත්මක වන්නේද;

        (ii)  එහි සේවය කරන සේවකයින් සංඛ්‍යාව කොපමණද;

        (iii)  මේ දක්වා ඔවුන්ගේ වේතන ගෙවා තිබේද;

      යන්න එතුමා සඳහන් කරන‍්නෙහිද?

      (ආ)  (i)  ඉහත නම සඳහන්  ආයතනය සතු යන්ත‍්‍රසූත‍්‍ර සහ වාහන කවරේද;

        (ii)  එකී යන්ත‍්‍රවල සහ වාහනවල වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;

        (iii)  එම වැඩපල පිහිටි ස්ථානයෙන් ඉවත් කිරීමට හෝ යන්ත‍්‍රසූත‍්‍ර ගලවා වෙන්දේසි කිරීමට හෝ විකුණා දැමීමට හෝ කටයුතු යොදා තිබේද;

      යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)  (i)  ආරම්භ කළ වර්ෂයේ සිට මේ දක්වා එම වැඩබිම ලැබූ ලාභය හෝ පාඩුව වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

        (ii)  මෙම වැඩබිම රජයේ සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට කටයුතු කරන්නේද;

        (iii)  එසේ නම්, ඒ කවදා සිටද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-11-23

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කොටදෙණියාව වැඩ බිම: විස්තර

පිළිතුරු දුන් දිනය

2012-11-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විමල් වීරවංශ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks