E   |     |  

 දිනය: 2023-06-07   පිළිතුර ලබා දී ඇත 

2531/ 2023 - ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2531/2023

      ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— වනජීවී හා වනසම්පත් සංරක්ෂණ  අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

      (අ)         (i)      ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අලි-මිනිස් ගැටුම් පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සංඛ්‍යාව කොපමණද;

          (ii)      එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නම් කවරේද;

                 (iii)      එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අලි වැට ඉදිකර තිබෙන ප්‍රදේශ කවරේද;

      (iv) එම අලි වැටවල මුළු දිග කොපමණද;

      යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ඉහත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අලි වැට ඉදිකර නොමැති ප්‍රදේශ; 

      (ii) එම ප්‍රදේශවල අලිවැට ඉදිකිරීම සඳහා ගනු ලබන පියවර;

      (iii) මේ වනවිට ඉදිකර ඇති අලි වැට තවදුරටත් දීර්ඝ කිරීමට ගෙන ඇති පියවර;

       කවරේද යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-06-07

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අලි-මිනිස් ගැටුම: විදුලි වැට ඉදිකිරීම

පිළිතුරු දුන් දිනය

2023-07-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks