පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2277/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— සමාජ සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාව තුළ සිටින කිසිදු ආදායමකට හිමිකම් නොකියන, ආබාධිත පුද්ගලයින් හා වයෝවෘද්ධ පුද්ගලයින් සහිත පවුල් සංඛ්‍යාව ආසන්න වශයෙන් කොපමණද;
(ii) 2005 මහින්ද චින්තන ප‍්‍රකාශනයේ සඳහන් “කිසිදු ආදායමකට හිමිකමක් නොලබන ආබාධ සහිත පුද්ගලයන් සිටින පවුලක් සඳහා මසකට රුපියල් 3,000 ක් ලබා දෙන්නෙමි.” යන පොරොන්දුව පරිදි මේ වනවිට එම මුදල ලබා දෙන්නේද;
(iii) එසේ නම්, එම ප‍්‍රතිලාභය ලබන පවුල් සංඛ්‍යාව කොපමණද;
(iv) 2005 වර්ෂයේ සිට මේ දක්වා එම මුදල් ලබාදීම වෙනුවෙන් වාර්ෂිකව වැයකරන ලද මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) ඉහත (අ)(ii) හි සඳහන් පොරොන්දුව මේ වනවිට ක‍්‍රියාත්මක නොවන්නේ නම්, ඊට හේතු කවරේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-28
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජ සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ආබාධිත පුද්ගලයන් සිටින පවුල් : මහින්ද චින්තන පොරොන්දු
පිළිතුරු දුන් දිනය
2013-02-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ෆීලික්ස් පෙරේරා මහතා, පා.ම.,, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks