පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2532/2023
ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නැගෙනහිර පළාතේ මේ වනවිට ස්ථාපිත කර ඇති බන්ධනාගාර සංඛ්‍යාව කොපමණද;
(ii) එම බන්ධනාගාර ස්ථාපිත කර ඇති ස්ථාන කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් බන්ධනාගාරවල රඳවා තැබිය හැකි රැඳවියන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම බන්ධනාගාරවල මේ වනවිට රඳවා තබා සිටින රැඳවියන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම බන්ධනාගාරවල ධාරිතාවය ඉක්මවා රඳවා තබා සිටින රැඳවියන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ධාරිතාවය ඉක්මවා රඳවා තබා සිටින රැඳවියන් සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-08-11
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks