E   |     |  

 දිනය: 2023-08-25   පිළිතුර ලබා දී ඇත 

2533/ 2023 - ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2533/2023

      ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—            

      (අ)         (i)      ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, මූතූර්  මූලික රෝහල සඳහා අනුමත සේවක සංඛ්‍යාව සහ මේ වනවිට සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව;

                   (ii)      එම රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරු හා හෙදියන් සංඛ්‍යාව ඔවුන්ගේ සන්නිවේදන භාෂාව අනුව;

        වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) ඉහත රෝහලේ මේ වනවිට පවතින පුරප්පාඩු පිරවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-08-25

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මුතූර් මූලික රෝහල: සේවකයන් සහ පුරප්පාඩු

පිළිතුරු දුන් දිනය

2023-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කෙහෙලිය රඹුක්වැල්ල, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks