E   |     |  

 දිනය: 2023-05-23   පිළිතුර ලබා දී ඇත 

2575/ 2023 - ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2575/2023

       ගරු ඩී. වීරසිංහ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ මේ වනවිට බීජ වී හිඟයක් පවතින බව දන්නේද;

                   (ii)       එම හිඟය මගහරවා ගැනීම සඳහා මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

                  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) බීජ වී නිෂ්පාදනය කිරීම සඳහා සුදුසු ප්‍රදේශ හා ගොවීන් හඳුනාගෙන තිබේද;

      (ii) එම ගොවීන් සඳහා සපයනු ලබන පහසුකම් කවරේද;

       (iii) යල සහ මහ කන්න දෙක සඳහා අවශ්‍ය බීජ වී නිෂ්පාදනය කිරීමට කටයුතු කර තිබේද; 

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-05-23

අසන ලද්දේ

ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

බීජ වී: හිඟය

පිළිතුරු දුන් දිනය

2023-05-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks