E   |     |  

 දිනය: 2023-06-21   පිළිතුර ලබා දී ඇත 

2692/ 2023 - ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2692/2023

      ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       දුර ගමන් සේවාවල යෙදෙන සුඛෝපභෝගි බස්රථවලින් අය කරනු ලබන වාර්ෂික බදු මුදල කොපමණද;

                   (ii)       මාර්ග බලපත්‍ර සඳහා එම බස්රථවලින් අය කරනු ලබන මුදල කොපමණද;

      (iii) ඉන්ධන, ටයර් සහ වාහන අමතර කොටස්  මිල අධික ලෙස ඉහළ ගොස් ඇති අවස්ථාවකදී ඉහත ගාස්තු අය කිරීම සාධාරණ වන්නේද;

        යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ශ්‍රී ලංකාවේ බස් කර්මාන්තය සඳහා ලබා දිය හැකි සහන කවරේද;

      (ii) මගී ජනතාවට ප්‍රශස්ත ප්‍රවාහන සේවාවක් ලබා දීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-06-21

අසන ලද්දේ

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

දුර ගමන් සේවා සුඛෝපභෝගී බස් රථ: බදු සහ වෙනත් ගාස්තු

පිළිතුරු දුන් දිනය

2023-07-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බන්දුල ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks