පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2693/2023
ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හෝමියෝපති වෛද්‍ය ක්‍රමය, අතුරු ආබාධ රහිත, බොහෝ රෝග සුව කිරීමට හැකියාවක් ඇති වෛද්‍ය ක්‍රමයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රචලිත වී ඇති බවත්;
(ii) වෛද්‍ය ප්‍රතිකාරවල නියුතු වී සිටින දක්ෂ හෝමියෝපති වෛද්‍යවරුන්ට වර්ෂ ගණනාවක සිට ලියාපදිංචිය ලබා දී නොමැති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) වර්ෂ ගණනාවක සිට ලියාපදිංචිය අපේක්ෂාවෙන් සිටින හෝමියෝපති වෛද්‍යවරුන්ට ලියාපදිංචිය ලබාදීම සඳහා සකස්කර ඇති වැඩපිළිවෙළ කවරේද;
(ii) ප්‍රායෝගික පරික්ෂණයක් තුළින් එම වෛද්‍යවරුන්ගේ දැනුම පරික්ෂා කර ඔවුන්ට ලියාපදිංචිය ලබා දිය හැකිද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) හෝමියෝපති වෛද්‍ය ක්‍රමය දියුණු කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(ii) හෝමියෝපති වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන්නේද;
(iii) හෝමියෝපති විශ්වවිද්‍යාලය නැවත ආරම්භ කිරීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-08-25
අසන ලද්දේ
ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
හෝමියෝපති වෛද්‍යවරු: ලියාපදිංචි කිරීම
පිළිතුරු දුන් දිනය
2023-09-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks