E   |     |  

 දිනය: 2023-09-20   පිළිතුර ලබා දී ඇත 

2846/ 2023 - ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2846/2023

      ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       නව වාහනයක් පළමු ලියාපදිංචි කිරීම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් පමණක් සිදු කරන්නේද;

                   (ii)       නොඑසේනම්, පළමු ලියාපදිංචි කිරීම සිදු කළ හැකි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?‍

      (ආ) (i) වාර්ෂිකව හිමිකම් පැවරීම සිදු කරනු ලබන වාහන සංඛ්‍යාව කොපමණද;

      (ii) වාහන හිමිකම් පැවරීමේ එක්දින සේවය සහ ‍සාමාන්‍ය සේවය සඳහා අය කරන ගාස්තුව එක් එක් වාහන පංතිය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-09-20

අසන ලද්දේ

ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වාහන අයිතිය ලියාපදිංචි කිරීම සහ පැවරීම: විස්තර

පිළිතුරු දුන් දිනය

2023-09-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks