බලන්න

E   |     |  

 දිනය: 2023-05-26   පිළිතුර ලබා දී ඇත 

2879/ 2023 - ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2879/2023

      ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      වර්ෂ 2015 සිට මේ දක්වා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය/අලාභය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

                   (ii)      2023 වර්ෂය සඳහා එම සංස්ථාව ප්‍රසාද දීමනා ගෙවා ඇති බව දන්නේද;

                 (iii)      ඒ සඳහා වැය කරන ලද මුදල එක් එක් සේවා ඛණ්ඩය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) මහා භාණ්ඩාගාරයේ උපදෙස් නොතකා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනාධිකාරිය විසින් ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-05-26

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව: ලාභය සහ අලාභය

පිළිතුරු දුන් දිනය

2023-08-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කංචන විජේසේකර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks