පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2936/2023
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පුත්තලම දිස්ත්‍රික්කයේ, අඹකැලේ ප්‍රදේශයේ, පොල් පර්යේෂණ ආයතනයට අයත් ජාන සම්පත් මධ්‍යස්ථානයක් තිබෙන බව දන්නේද;
(ii) 2018 වර්ෂයේ සිට මේ දක්වා එම මධ්‍යස්ථානයේ සිටින කිරි ලබා ගත හැකි එළදෙනුන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) 2018 වර්ෂයේ සිට මේ දක්වා එම කිරි එළදෙනුන්ගෙන් කිරි ලබා ගෙන නොමැති බව දන්නේද;
(iv) ඒ සඳහා හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත මධ්‍යස්ථානයේ කිරි ආදායම නිවැරදිව ගිණුම්ගත කර නොමැති බවට විගණන විමසුම් ඇති බව දන්නේද;
(ii) ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-04
අසන ලද්දේ
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
අඹකැලේ ජාන සම්පත් මධ්‍යස්ථානය: විස්තර
පිළිතුරු දුන් දිනය
2023-10-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks