පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2971/2023
ගරු හේෂා විතානගේ මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) දඹදිව වන්දනා චාරිකා සංවිධානය කරනු ලබන ලියාපදිංචි ආයතන හා ඒවායේ ලිපිනයන් ශ්‍රී ලංකාවේ එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) වර්ෂ 2015 සිට 2018 දක්වා දඹදිව වන්දනා කරන ලද ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) දඹදිව වන්දනා චාරිකා සංවිධානය කරනු ලබන සමහර ආයතන එම වන්දනාකරුවන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකරන බව දන්නේද;
(iv) ඒ හේතුවෙන් එම වන්දනාකරුවන් දැඩි දුෂ්කරතාවයට පත්වන බව පිළිගන්නේද;
(v) වන්දනාකරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට සහ දඹදිව වන්දනා චාරිකා සංවිධානය කරනු ලබන ආයතන නියාමනය කිරීමට විධිමත් ක්‍රියාමාර්ග සකස් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-09-05
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
දඹදිව වන්දනා චාරිකා සංවිධානය කරන ලියාපදිංචි ආයතන: විස්තර
පිළිතුරු දුන් දිනය
2023-11-14
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විදුර වික්‍රමනායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks