පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2326/’12
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2006.09.11 දින ආරම්භ කරන ලද රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය දියුණු කරන බවටත්;
(ii) අනෙකුත් වෛද්‍ය පීඨවල 2005-2006 ශිෂ්‍ය කණ්ඩායම් සමග රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද සීමාවාසික පත්වීම් ලබාදෙන බවටත්;
ජනාධිපතිතුමා පොරොන්දු වූ බැව් එතුමා දන්නෙහිද?
(ආ) (i) අනෙකුත් වෛද්‍ය පීඨයන්හි ඇති පහසුකම් රජරට වෛද්‍ය පීඨය තුළද ප්‍රමාණවත් ලෙස ස්ථාපිත කර තිබේද;
(ii) රජරට වෛද්‍ය පීඨයේ මහාචාර්ය සායනික පුහුණුවට අවශ්‍ය ගොඩනැගිලි ඇතුළු සියලු පහසුකම් මේ වන විට ස්ථාපිත කර තිබේද;
(iii) 2011 මැයි මස මහාචාර්ය සායනික පුහුණුව සඳහා යොමුකළ යුතුව සිටි සිසුන් සංඛ්‍යාව කොපමණද;
(iv) මේ වන විට ඔවුන් එම පුහුණුව ආරම්භකර තිබේද;
(v) නොඑසේ නම්, ඒ සඳහා සිසුන් යොමු කිරීමට ගතවන කාලය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-15
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
උසස් අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය : සායනික පුහුණුව
පිළිතුරු දුන් දිනය
2012-11-15
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා, පා.ම., , පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks