E   |     |  

 දිනය: 2023-10-19   පිළිතුර ලබා දී ඇත 

3098/ 2023 - ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3098/2023

      ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද දිනය කවරේද;

      (ii) එම නඩු තීන්දුව මඟින් වරදකරුවන් කර ඇති එක් එක් පුද්ගලයාගේ නම, ලිපිනය, මේ වනවිට දරනු ලබන තනතුර සහ ඉහත නඩු තීන්දුව ලබා දෙන අවස්ථාව වන විට දරන ලද තනතුර හා සේවා ස්ථානය වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iii) එම පුද්ගලයන් මේ වනවිටත් උක්ත ආයතනවල ඉතා ඉහළ තනතුරු දරමින් සිටීම, ඉහත අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීමට බාධාවක් බව පිළිගන්නේද;

      (iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-10-19

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය: වරදකරුවන් වූ පුද්ගලයන්

පිළිතුරු දුන් දිනය

2023-11-14

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks