පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3171/2023
ගරු දයාසිරි ජයසේකර මහතා,— කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මුද්‍රණ කටයුතු සඳහා භාවිතා කරනු ලබන කඩදාසි ඇතුළු උපකරණවල මිල අධික ලෙස ඉහළ යාම, මුද්‍රණ ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපාර අකර්මන්‍ය වීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවත්;
(ii) ඒ හේතුවෙන් පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට දැඩි අහිතකර බලපෑමක් සිදු වී ඇති බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) එම තත්ත්වය පාලනය කිරීම සඳහා ලබා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
(ii) මේ වනවිට රජය සහ පෞද්ගලික අංශය විසින් මාසිකව නිෂ්පාදනය කරනු ලබන කඩදාසි ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) කඩදාසි ආනයනය අවම කර මෙරට කඩදාසි නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්තශාලා ආරම්භ කිරීමට කටයුතු කර තිබේද;
(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රගතිය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-07-06
අසන ලද්දේ
ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
කඩදාසි මිල ඉහළ යාම: පාලනය
පිළිතුරු දුන් දිනය
2023-08-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු චාමර සම්පත් දසනායක, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks