බලන්න

E   |     |  

 දිනය: 2023-09-05   පිළිතුර ලබා දී ඇත 

3231/ 2023 - ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3231/2023

      ගරු නිරෝෂන් පෙරේරා මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      2023 වර්ෂයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද විදේශීය ධීවර යාත්‍රා සංඛ්‍යාව කොපමණද;

                   (ii)      එම යාත්‍රා ලියාපදිංචි රටවල් ක‍වරේද;

                 (iii)      එහිදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට නීති විරෝධි ලෙස ධීවර යාත්‍රා ඇතුළුවීම වැළැක්වීම සඳහා අදාළ වන නිර්දේශ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් රජයට ඉදිරිපත් කර තිබේද;

      (ii) එසේ නම්, එම නිර්දේශ කවරේද;

      (iii) ඒ අතරින් මේ වනවිට ක්‍රියාත්මක නොකරන ලද නිර්දේශ කවරේද;

      (iv) එම නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට හේතු කවරේද;

       යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-09-05

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

වි‍දේශ ධීවර යාත්‍රා නීති විරෝධී ලෙස ඇතුළුවීම: වැළැක්වීම

පිළිතුරු දුන් දිනය

2023-09-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks