බලන්න

E   |     |  

 දිනය: 2023-10-20   පිළිතුර ලබා දී ඇත 

3234/ 2023 - ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3234/2023

      ගරු නිරෝෂන් පෙරේරා මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකා මහ බැංකුවේ “නිකුතු සුරක්‍ෂිතාගාරයේ” තැන්පත් කර තිබූ රුපියල් මිලියන 5ක මුදලක් අතුරුදහන් වී තිබේද;

                   (ii)       ඊට වගකිව යුතු නිලධාරින් අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන සිදු කර තිබේද;

      (iii) මේ වනවිට, එම විමර්ශනවල ප්‍රගතිය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) “නිකුතු සුරක්‍ෂිතාගාරයේ” ආරක්‍ෂිත කැමරා සවිකර තිබේද;

      (ii) එම ආරක්‍ෂිත කැමරා පද්ධතියේ පටිගත වී ඇති දර්ශන සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු  කර තිබේද;

      (iii) ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කර ඇති මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-10-20

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මහ බැංකු නිකුතු සුරක්ෂිතාගාරයේ මුදල් අතුරුදහන් වීම සම්බන්ධයෙන් වූ විමර්ශන: ප්‍රගතිය

පිළිතුරු දුන් දිනය

2023-11-28

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks