E   |     |  

 දිනය: 2023-08-22   පිළිතුර ලබා දී ඇත 

3336/ 2023 - ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3336/2023

      ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය යටතේ පවතින රජයේ රෝහල් සංඛ්‍යාව කොපමණද;

                  (ii)       එම එක් එක් රෝහලේ නම සහ පිහිටි දිස්ත්‍රික්කය වෙන් වෙන් වශයෙන් කවරේද;

                  (iii)       එම එක් එක් රෝහලේ සිටිය යුතු හා මේ වනවිට සිටින වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව  වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) ඉහත සඳහන් රෝහල්වල පවතින වෛද්‍යවරුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ ගත වූ වෛද්‍යවරුන් නැවත ශ්‍රී ලංකාවට නොපැමිණ තිබේද;

      (ii) එසේ නම්, එම වෛද්‍යවරුන් සංඛ්‍යාව කොපමණද;

      (iii) වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ ගත වී ඇති වෛද්‍යවරුන් නැවත ශ්‍රී ලංකාවට නොපැමිණීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේද;

      (iv) එසේ නම්, එම ක්‍රියාමාර්ග කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-08-22

අසන ලද්දේ

ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රජයේ රෝහල්: වෛද්‍ය සහ විශේෂඥ වෛද්‍ය පුරප්පාඩු

පිළිතුරු දුන් දිනය

2023-08-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කෙහෙලිය රඹුක්වැල්ල, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks