පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
3358/2023
ගරු ජයන්ත සමරවීර මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති අත්‍යාවශ්‍ය බටහිර ඖෂධ සංඛ්‍යාව කොපමණද;
(ii) එවායේ ඖෂධ නාමයන් කවරේද;
(iii) එම එක් එක් ඖෂධය නිෂ්පාදනය කරනු ලබන රට, නිෂ්පාදනය කරනු ලබන සමාගම/ආයතනය සහ ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සමාගම/ආයතනය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ආනයනය කරනු ලබන ඖෂධ සංඛ්‍යාව සහ ඒවායේ ඖෂධ නාමයන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) ඉහත (iv)හි සඳහන් සංඛ්‍යාව, මුළු අත්‍යාවශ්‍ය ඖෂධ සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මෑතකාලයේ ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ යාමේ ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් ඖෂධවල මිල ඉහළ ගිය බව පිළිගන්නේද;
(ii) එසේ නම්, ඊට හේතු කවරේද;
(iii) ඖෂධවල මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-09-21
අසන ලද්දේ
ගරු ජයන්ත සමරවීර මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks