E   |     |  

 දිනය: 2023-10-20   පිළිතුර ලබා දී ඇත 

3366/ 2023 - ගරු මයන්ත දිසානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3366/2023

      ගරු මයන්ත දිසානායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)        පාස්කු දින සිදු කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් මරණයට පත් වූ         පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට වන්දි ලබා දී තිබේද;

                    (ii)       එම ප්‍රහාරය හේතුවෙන් දෙමව්පියන් අහිමි වූ දරුවන් රැකබලාගැනීම සඳහා  වැඩපිළිවෙළක් සකස් කර තිබේද;

      (iii) එම දරුවන් රැකබලා ගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන් වෙත මාසික දීමනාවක් ගෙවනු ලබන්නේද;

      (iv) එම ප්‍රහාරය හේතුවෙන් ආපදාවට ලක් වී සිටින පුද්ගලයන් සඳහා රජයේ අනුග්‍රහයෙන් විදේශ ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-10-20

අසන ලද්දේ

ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සහ ආපදාවට ලක් වූ පුද්ගලයන්: වන්දි

පිළිතුරු දුන් දිනය

2024-01-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks