E   |     |  

 දිනය: 2013-02-22   පිළිතුර ලබා දී ඇත 

2368/ 2013 - ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2368/’12

       

      ගරු සජිත් ප්‍රේමදාස මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       “මහින්ද චින්තන - දිනවමු ශ්‍රී ලංකා” ප්‍රතිපත්ති මාලාව මගින් පාසල් දරුවන්ට දිවා ආහාරය සඳහා බත් වේලක් නොමිලයේ ලබා දෙන බවට පොරොන්දුවක් ලබා දී ඇති බව එතුමා  දන්නෙහිද?

      (ආ)        (i)       ඉහත පොරොන්දුව පරිදි සෑම පාසල් දරුවෙකුටම  දිවා ආහාරය හිමි වන්නේද;

        (ii)  නොඑසේ නම්, ඊට හේතු කවරේද;

        (iii)  මේ වන විට දිවා ආහාරය සඳහා බත් වේලක් ලබා දෙන පාසල් සංඛ්‍යාව කොපමණද;

        (iv)  දිවා ආහාර ලබා දීම සඳහා එම පාසල් තෝරා ගත් පදනම කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ඇ)   නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-02-22

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරය ලබා දීම: විස්තර

පිළිතුරු දුන් දිනය

2014-05-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දුමින්ද දිසානායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks