පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2372/’12
ගරු දයාසිරි ජයසේකර මහතා,— ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කොළඹ 07, ටොරින්ටන්හි, 187 වත්තේ පැල්පත් නිවාස හිමි සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන්ගේ නිවාස සඳහා ස්ථිර අයිතිවාසිකම් හෝ බලපත්‍ර ලබා දී තිබේද;
(iii) එසේ නම්, ඔවුන් එම හිමිකම් භුක්ති විඳිමින් සිටින කාල සීමාව කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඉහත නිවාස කඩා ඉවත්කිරීමට රජය විසින් යම් තීන්දුවක් ගෙන තිබේද;
(ii) එසේ නම්, ඔවුන්ට එම ස්ථානයේම හෝ වෙනත් ස්ථානයක නව නිවාස ලබා දෙන්නේද;
(iii) වෙනත් ස්ථානයක නව නිවාස ලබාදෙන්නේ නම්, එම ස්ථානය කුමක්ද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) නව නිවාස සංකීර්ණයක් ඉදිකර එම නිවාස මුදල් අය නොකර 187 වත්තේ පදිංචිකරුවන්ට ලබා දීමට යෝජනාවක් ඉදිරිපත්වී තිබුනේද;
(ii) එසේ නම්, එම යෝජනාව මෙතෙක් ක්‍රියාත්මක නොවීමට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-12-03
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
187 වත්තේ පැල්පත් : නව නිවාස
පිළිතුරු දුන් දිනය
2012-12-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විමල් වීරවංශ, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks