E   |     |  

 දිනය: 2023-09-06   පිළිතුර ලබා දී ඇත 

3514/ 2023 - ගරු අසංක නවරත්න මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3514/2023

      ගරු අසංක නවරත්න මහතා,—  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ පාසල්වල මේ වනවිට සේවය කරනු  ලබන විදුහල්පතිවරුන් සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එම එක් එක් විදුහල්පතිවරයාගේ නම, රාජකාරි ලිපිනය, පෞද්ගලික ලිපිනය, දුරකථන අංකය, විදුහල්පති තනතුරට පත් කරන ලද  දිනය, මේ වනවිට දරන ශ්‍රේණිය සහ විශ්‍රාම යාමට නියමිත දිනය වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) රජයේ පාසලක විදුහල්පති ධූරය දැරිය හැකි කාලය සම්බන්ධයෙන් රේඛීය අමාත්‍යාංශය මඟින් හෝ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් තීරණයක් ගෙන තිබේද;

      (ii) එසේ නම්, එම තීරණය කවරේද;

      (iii) විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් 2023.01.01 දිනෙන් පසු වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-09-06

අසන ලද්දේ

ගරු අසංක නවරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රජයේ පාසල්වල විදුහල්පතිවරු: විස්තර

පිළිතුරු දුන් දිනය

2023-11-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අ. අරවින්ද් කුමාර්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks