E   |     |  

 දිනය: 2023-09-05   පිළිතුර ලබා දී ඇත 

3537/ 2023 - ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 3537/2023

      ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා,— නාගරික සංවර්ධන හා නිවාස  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)        වර්ෂ 2015 සිට 2019 දක්වා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට හා එහි අනුබද්ධ ආයතනවලට බඳවාගන්නා ලද සේවකයන් සංඛ්‍යාව එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) එසේ බඳවා ගන්නා ලද සේවකයන් අවශ්‍ය සුදුසුකම් සපුරා තිබුණේද;

      (iii) නොඑසේ නම්, ඔවුන් බඳවාගන්නා ලද පදනම කවරේද;

      (iv) එම බඳවාගැනීම් කවර ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකර තිබුණේද;

      (v) එම සේවකයන්ගෙන් අපේක්ෂිත ඉහළ ඵලදායකත්වයක් ලබාගෙන තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-09-05

අසන ලද්දේ

ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ අනුබද්ධ ආයතන: 2015-2019 දක්වා බඳවා ගත් සේවකයන්

පිළිතුරු දුන් දිනය

2023-09-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු තේනුක විදානගමගේ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks