E   |     |  

 දිනය: 2012-11-15   පිළිතුර ලබා දී ඇත 

2381/ 2012 - ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2381/’12

       

      ගරු අනෝමා ගමගේ මහත්මිය,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      ශ්‍රී ලංකා විදේශ සේවයේ අනුමත තනතුරු සංඛ්‍යාව එක් එක් ශ්‍රේණිය අනුව,             වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)     මේ වන විට,

                    (i)       ශ්‍රී ලංකා විදේශ සේවයේ සිටින, තරඟ විභාග සමත්ව සේවයට ඇතුළත්වූ නිලධාරීන් සංඛ්‍යාව;

      (ii) ශ්‍රී ලංකා විදේශ සේවයට පිටස්තරව තානාපති කාර්යාලයන්හි  සේවයට බඳවාගෙන ඇති රාජ්‍ය නිලධාරීන් සංඛ්‍යාව;

      (iii) ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සේවය කරන නිත්‍ය ‍රාජ්‍ය සේවයේ නොවන වෙනත් නිලධාරීන් සංඛ්‍යාව;

      කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) (i)    ඉහත ආ(ii) හා (iii) හි විමසා ඇති නිලධාරීන්ගේ නම්, තනතුරු සහ බඳවා ගෙන ඇති වර්ෂයන් වෙන් වෙන් වශයෙන් කවරේද;

      (ii) ශ්‍රී ලංකා විදේශ සේවයට පිටස්තරව තානාපති කාර්යාල සේවය සඳහා නිලධාරීන් පත් කිරීමේදී අනුගමනය කරන ක්‍රියා පිළිවෙළ කවරේද;

       යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-11-15

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) අනෝමා ගමගේ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ශ්‍රී ලංකා තානාපති කාර්යාල : නිලධාරින්

පිළිතුරු දුන් දිනය

2013-02-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු නියෝමාල් පෙරේරා මහතා, පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks