E   |     |  

 දිනය: 2013-02-20   පිළිතුර ලබා දී ඇත 

2467/ 2013 - ගරු රවී කරුණානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2467/’12

       

      ගරු රවී කරුණානායක මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       සහනාධාර පදනම මත පොහොර ලබා දෙන්නේ කවුරුන් හටද;

                  (ii)       සහනාධාර පදනම මත එක් ගොවියෙකුට ලබා දෙන පොහොර ප්‍රමාණය කොපමණද;

        (iii)  සහනාධාර මත ලබාදෙන පොහොර ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමට ගොවියෙකු අනුගමනය කළ යුතු ක්‍රියාදාමය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

      (ආ)  (i)  පොහොර සහනාධාරය ලබාදීම පිණිස 2010, 2011 සහ 2012 වර්ෂයන් තුළ සත්‍ය වශයෙන් වැයකළ මුදල් ප්‍රමාණයන් දිස්ත්‍රික් පදනමින්, වෙන් වෙන් වශයෙන් කොපමණද;

        (ii)  එම සහනාධාරය සඳහා සත්‍ය වශයෙන් ගෙවීම් සිදුකිරීම සඳහා අවශ්‍යවන මුදල් ප්‍රවාහය කවරේද;

        (iii)  ඉහත කී වර්ෂයන්හි අයවැය ලේඛනවලින් පොහොර සහනාධාරය සඳහා වෙන් කිරීමට යෝජනා කරන ලද මුදල් ප්‍රමාණයන් කොපමණද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?     

      (ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-02-20

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පොහොර සහනාධාරය : විස්තර

පිළිතුරු දුන් දිනය

2013-12-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු වයි.ජී. පද්මසිරි මහතා, පා.ම.,, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks