E   |     |  

 දිනය: 2013-06-18   පිළිතුර ලබා දී ඇත 

2566/ 2013 - ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2566/’12

      ගරු සජිත් ප්‍රේමදාස මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)       බෙන්තර ග‍‍‍ඟේ වම් ඉවුර හා දකුණු ඉවුර ව්‍යාපාරවලට අයත් විශාල කුඹුරු ප්‍රමාණයක් පුරන්ව ඇති  බව එතුමා දන්නෙහිද?

      (ආ)        (i)       “අපි වවමු - රට නගමු” වැඩසටහන යටතේ එම කුඹුරු නැවත වගා කිරීමට ගත් පියවර කවරේද;

        (ii)  එම නැවත වගාකිරීමේ වැඩසටහනින් පසු ඉහත සඳහන් කුඹුරුවල අස්වැන්න වැඩිවී තිබේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ)  (i)  බෙන්තර ගඟ ඔස්සේ ගලා එන මුහුදු ජලය හේතුවෙන් ඉහත සඳහන් කුඹුරු විනාශවන බව දන්නේද;

        (ii)  මුහුදු ජලය කුඹුරුවලට ගලායාම වැළැක්වීමට කිසියම් පියවරක් ගනු ලැබුවේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?  

      (ඈ)  නොඑසේ  නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-06-18

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

බෙන්තර ග‍‍‍ඟ වම් හා දකුණු ඉවුරු ව්‍යාපෘති: කුඹුරු

පිළිතුරු දුන් දිනය

2014-02-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද යාපා අබේවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks