බලන්න

E   |     |  

 දිනය: 2013-08-08   පිළිතුර ලබා දී ඇත 

2596/ 2013 - ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2596/’12

       

      ගරු සජිත් ප්‍රේමදාස මහතා,— වි‍දේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      වර්ෂ 2005 - 2011 අතර කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලේඛනගතව රැකියා සඳහා විදේශගත වී ඇති කාන්තාවන් සංඛ්‍යාව වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

        (ii)   ඉහත පරිදි රැකියා සඳහා විදේශගත වූ කාන්තාවන් සංඛ්‍යාව එම එක් එක් වර්ෂයේදී රැකියා සඳහා විදේශගතවූ සම්පූර්ණ සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස වෙන් වෙන් වශයෙන් කවරේද;

        (iii)   එම කාන්තාවන් කුමන වෘත්තීන් සඳහා විදේශගතවී තිබේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ)  (i)  විදේශ රැකියා සඳහා නික්ම යන කාන්තාවන්ගේ අයිතීන් සුරක්ෂා කිරීම සඳහා  ක්‍රියාත්මකවන වැඩපිළිවෙළ කවරේද;

        (ii)  ඉදිරියේදී එම වැඩපිළිවෙළ වඩාත් විධිමත්ව හා ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේද;

        (iii)   එසේ නම්, එය සිදුකරන ආකාරය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  නොඑ‍සේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-08-08

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

විදේශයන්හි රැකියා නියුක්ත කාන්තාවන්: විස්තර

පිළිතුරු දුන් දිනය

2014-05-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩිලාන් පෙරේරා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks