E   |     |  

 දිනය: 2012-07-20   පිළිතුර ලබා දී ඇත 

2631/ 2012 - ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2631/’12

       

      ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,— විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      2006 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ දහහත්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තවත් ශක්තිමත් කිරීමට හා එම සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ඇති බාධක ඉවත් කරන බවට රජය විසින් පොරොන්දුවක් ලබාදුන් බවත්;

      (ii) නැවත 2007 විශ්ව වාරික විමසුම (UPR) රැස්වීම අවස්ථාවේදී ද දහහත්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  ක්‍රියාත්මක කිරීමට රජය පොරොන්දු වූ බවත්;

      (iii) දහඅටවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා දහහත්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමෙන් එම පොරොන්දු කඩකර ඇති බවත්;

      (iv) මෙම පොරොන්දු කඩකිරීම නිසා රජයේ විශ්වාසනීයභාවය ජාත්‍යන්තර වශයෙන් බිඳවැටී ඇති බවත්;

      (v) එමගින් අප රට අපකීර්තියට ලක්ව ඇති බවත්;

      එතුමා පිළිගන්නෙහිද?

      (ආ) උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශයන් හා             ශ්‍රී ලංකාව සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව තුළින් ස්වාධීන කොමිෂන්වල අවශ්‍යතාවය නිර්දේශකර ඇති හෙයින් දහහත්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කර ස්වාධීන කොමිෂන් ස්ථාපිත කිරීමට රජය වහාම පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ)  නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2012-07-20

අසන ලද්දේ

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks