පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4/2024
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ මේ වනවිට ඇති අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු මුළු රජයේ ආයතන සංඛ්‍යාව කොපමණද;
(ii) එම එක් එක් ආයතනයේ ආරක්ෂක සේවා සපයනු ලබන ආරක්ෂක සමාගම්වල නම් කවරේද;
(iii) ඒ අතරින් රජයේ සමාගම් සංඛ්‍යාව හා ඒවායේ නම් කවරේද;
(iv) 2015 වර්ෂයේ සිට මේ දක්වා ඉහත සඳහන් එක් එක් රජයේ ආයතනවල ආරක්ෂක සේවා සැපයීම වෙනුවෙන් පෞද්ගලික ආරක්ෂක සේවා සමාගම්වලට ගෙවන ලද මුදල එක් එක් සමාගම අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) රජයේ ආයතනවලට ආරක්ෂාව සැපයීමට අදාළ කොන්ත්‍රාත් ලබා ගැනීමේදී වංචනික ක්‍රියා සිදු වන බව දන්නේද;
(ii) එසේ නම්, රජයේ ආයතනවලට ආරක්ෂක සේවා සැපයීම, රජය සතු ආරක්ෂක සමාගම්වලට ලබා දීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-10
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
රජයේ ආයතන: ආරක්ෂාව සපයන සමාගම්
පිළිතුරු දුන් දිනය
2025-03-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඒ.එච්.එම්.එච්. අබයරත්න, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks