පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
6/2024
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පාස්කු ඉරු දින ප්‍රහාරයට පෙර මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කඩා දැමීමේ සිද්ධිය වාර්තා වූ දිනය කවරේද;
(ii) ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ගේ නම් හා ලිපිනයන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඔවුන්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත (අ)(i)හි සඳහන් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ ආරක්ෂක නිලධාරින්ගේ නම් කවරේද;
(ii) පරික්ෂණ කටයුතු සිදු කරගෙන යෑමේදී එම ආරක්ෂක නිලධාරින්ට බලපෑම් එල්ල කරනු ලැබූ එවකට ආණ්ඩුකාරවරු සහ ආණ්ඩුවේ ප්‍රබල පුද්ගලයන්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඉහත සිද්ධියට අදාළ පරික්ෂණවල වර්තමාන ප්‍රගතිය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-01-24
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks