E   |     |  

 දිනය: 2013-04-23   පිළිතුර ලබා දී ඇත 

2637/ 2013 - ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2637/’12

       

      ගරු දයාසිරි ජයසේකර මහතා,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       සුනාමි අවස්ථාවක තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව අවට මුහුදේ පිහිටුවා ඇති සුනාමි තොරතුරු ලබා ගැනීමේ කුලුනු සංඛ්‍යාව සහ ඒවා සවි කිරීම සඳහා වැය වූ මුදල කොපමණද;

      (ii) ඒවා ස්ථානගත කරන ලද දිනය, ඒවා මගින් දත්ත ලබා ගන්නා ආයතනය සහ එම කුලුනු හරහා පැමිණෙන සුනාමි පිළිබඳව අදාළ ආයතනය දැනුවත් වීමෙන් පසු ශ්‍රී ලංකාවට එම සුනාමිය මගින් බලපෑමක් ඇතිවීමට ගතවන කාලය කවරේද;

      යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

      (ආ) (i) 2012.04.11 දින හෝ ඊට ආසන්න දිනක සුමාත‍්‍රාවල ඇති වූ සුනාමි තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාන බවට තොරතුරු අපගේ සුනාමි කුලුනු හරහා ලබා ගත්තේද;

      (ii) නොඑසේ නම්, එම සුනාමි තත්ත්වය පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සඳහා අදාළ  තොරතුරු ලබාගත් ආකාරය කවරේද;

      (iii) ඉහත (ආ)(ii) අනුව තොරතුරු වෙනත් ආකාරයකින්  ලබා ගත්තේ නම්, සුනාමි තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සුනාමි කුලුනු පිහිටුවීමේ අරමුණ කවරේද;

       යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2013-04-23

අසන ලද්දේ

ගරු දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආපදා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

TSUNAMI INFORMATION TOWERS : DETAILS

පිළිතුරු දුන් දිනය

2013-04-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩුලිප් විජේසේකර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks