පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
154/2024
ගරු අජිත් පී. පෙරේරා මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මන්නාරම පිහිටුවා ඇති “තම්බපවනී” සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද දිනය කවරේද;
(ii) එම ඉදිකිරීම් සඳහා භාවිතා කරන ලද දේශීය ආයෝජන ප්‍රමාණය සහ විදේශීය ආයෝජන ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම බලාගාරයේ ධාරිතාවය (Installed Capacity) කොපමණද;
(iv) එම බලාගාරයේ විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන මුදල කොපමණද;
(v) වර්ෂ 2021 සිට 2024 දක්වා එම බලාගාරය මඟින් ජාතික විදුලිබල පද්ධතියට එක් කරන ලද බලශක්ති ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත විදුලි බලාගාරය හේතුවෙන් සංක්‍රමණික කුරුල්ලන්ට සිදු වන හානි වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(ii) එම පියවරවල සාර්ථකත්වය කෙබඳුද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) මන්නාරම දූපතේ තවත් සුළං විදුලි බලාගාර ඉදිකිරීමට විභවයක් තිබේද;
(ii) එසේ නම්, එම සුළං විදුලි බලාගාරවල ධාරිතාවය කොපමණද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-07
අසන ලද්දේ
ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks