පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
156/2024
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2024 නොවැම්බර් මාසයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය, වෙනත් සංවිධානයක්, පුද්ගලයෙක් හෝ පුද්ගලයන් විසින් උතුරු-නැගෙනහිර යුද්ධයේදී මියගිය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන් සිහි කරමින් මහ විරු සැමරුම් පවත්වා තිබේද;
(ii) එසේ නම්, ඒවා පවත්වන ලද පාර්ශ්වයන් කවරේද;
(iii) ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදී තිබේද;
(iv) එම සැමරුම් පැවැත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් රජය දැනුම්වත්වී තිබේද;
(v) ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද තහනම් කර ඇති සංවිධානයකට ශ්‍රී ලංකාව තුළ එවැනි සැමරුම් පැවැත්වීමේ හැකියාවක් තිබේද;
(vi) එම සැමරුම් පැවැත්වීම නැවැත්වීම සඳහා ගන්නා ලද පියවර කවරේද;
(vii) තහනම් සංවිධානයක සැමරුම් පැවැත්වීම සම්බන්ධයෙන් රජය වගකීම් භාර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-11
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks