පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
179/2024
ගරු රවී කරුණානායක මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලංකා විදුලිබල මණ්ඩලය සංස්ථාගත කරන ලද දිනය කවදාද;
(ii) රජය විසින් ලංකා විදුලිබල මණ්ඩලය සඳහා ආයෝජනය කරන ලද මුළු ප්‍රාග්ධන ප්‍රමාණය කොපමණද;
(iii) ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දෙන ලද කෙටි-කාලීන හා දිගු-කාලීන ණය මුදල්වල එකතුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ලංකා විදුලිබල මණ්ඩලය තුළ සේවය කරන ස්ථිර හා අනියම් සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) 2024 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාර්ය මණ්ඩලය වෙත ගෙවන ලද වැටුප්, අතිකාල දීමනා, වෘත්තීයවේදී දීමනා, ප්‍රසාද දීමනා, ප්‍රවාහන වියදම් සහ වෙනත් කවර හෝ පාරිශ්‍රමික සඳහා දරන ලද මුළු මාසික පිරිවැය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ලංකා විදුලිබල මණ්ඩලය සිය කාර්ය මණ්ඩලය වෙනුවෙන් උපයන විට ගෙවීමේ බදු ගෙවන්නේද;
(iv) නොඑසේ නම්, එම ආයතනය උපයන විට ගෙවීමේ බදු ගෙවීම නැවැත්වූ දිනය කවදාද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-02-19
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
ලංකා විදුලිබල මණ්ඩලය: ණය සහ සේවක දීමනා
පිළිතුරු දුන් දිනය
2025-02-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks