E   |     |  

 දිනය: 2025-02-27   පිළිතුර ලබා දී ඇත 

0291/ 2025 - ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 291/2024

      ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       “කොවිඩ්-19” වසංගත රෝගය වැළදීම හේතුවෙන් මියගිය පුද්ගලයන් භූමදානය කිරීම සඳහා සුදුසු ස්ථානය ලෙස හඳුනාගන්නා ලද මඩකලපුව “මජ්මා නගර්” සුසාන භූමිය, සුසාන භූමි ආඥාපනත අනුව අයත් වන පළාත් පාලන ආයතනය කවරේද;

      (ii) එම සුසාන භූමියේ විශාලත්වය කොපමණද;

      (iii) එම ඉඩම රජය සතු වන්නේද;

      (iv) එසේ නම්, එම ඉඩම නීත්‍යානුකූල ලෙස අත්පත් කර ගන්නා ලද ගැසට් පත්‍රය ඉදිරිපත් කරන්නේද;

      (v) එම අත්පත් කර ගැනීම වෙනුවෙන් වන්දි ගෙවා තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) ඉහත සුසාන භූමියේ සංවර්ධන කටයුතු සඳහා රජය විසින් වෙන් කරන ලද මුදල සහ පෞද්ගලික පාර්ශ්වයන්ගෙන් පරිත්‍යාග ලෙස ලැබූ මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

        (ii) එම සංවර්ධන කටයුතු සඳහා පෞද්ගලික පාර්ශ්වයන් විසින් ලබා දෙන ලද යන්ත්‍රෝපකරණ ඇතුළු වෙනත් දේපළ කවරේද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නො‍එසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2025-02-27

අසන ලද්දේ

ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks