E   |     |  

 දිනය: 2025-02-28   පිළිතුර ලබා දී ඇත 

0303/ 2025 - ගරු රවී කරුණානායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 303/2024

      ගරු රවී කරුණානායක මහතා,— වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       වත්මන් සමාගම් රෙජිස්ට්‍රාර්වරයාගේ නම කුමක්ද;

                   (ii)       2015 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා සමාගම් රෙජිස්ට්‍රාර් තනතුරු හෙබවූ තැනැත්තන්ගේ නම් කවරේද;

      (iii) මේ දක්වා සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් සංස්ථාගත කරන ලද මුළු සමාගම් සංඛ්‍යාව කොපමණද;

      (iv) 2010, 2015, 2020, 2021, 2022, 2023 හා 2024 යන එක් එක්  වර්ෂය තුළ සහ 2025 වර්ෂය තුළ මේ දක්වා සංස්ථාගත කරන ලද මුළු සමාගම් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (v) සමාගමක් සංස්ථාගත කිරීමට ගන්නා ලද සාමාන්‍ය කාලය කොපමණද;

      (vi) ඉහත (iii) අනුව සමාගම් සංස්ථාගත කිරීමෙන් දෙපාර්තමේන්තුව උපයා ඇති මුළු ආදායම කොපමණද;

      (vii) ඉහත (iii) අනුව වර්තමානයේ ක්‍රියාත්මකව ඇති සක්‍රිය සමාගම් සංඛ්‍යාව කොපමණද;

      (viii) සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව පූර්ණ වශයෙන් ස්වයංක්‍රීය කර තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නේද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2025-02-28

අසන ලද්දේ

ගරු රවී කරුණානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks