E   |     |  

 දිනය: 2025-09-24   පිළිතුර ලබා දී ඇත 

0328/ 2025 - ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 328/2024

      ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)        (i)       ආරක්ෂක අමාත්‍යාංශයට මේ වනවිට පත් කර ඇති උපදේශකයන් සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එම උපදේශකයන්ගේ කාර්යභාරය කවරේද;

                  (iii)       එම එක් එක් උපදේශකයාට ගෙවනු ලබන මාසික වැටුප් හා දීමනා, පෙර සේවා ස්ථානය/ස්ථාන, අවසන්වරට දරන ලද තනතුර, අධ්‍යාපන සුදුසුකම් සහ 2024 වර්ෂය වනවිට වයස වෙන් වෙන් වශයෙන් කවරේද;

      (iv) එම උපදේශකයන්ට කාර්ය මණ්ඩලයක් ලබාදී තිබේද;

      (v) එසේ නම්, එම එක් එක් උපදේශකයාගේ  කාර්ය මණ්ඩල සේවකයන්ගේ නම්, ඔවුන්ගේ තනතුරු, ඔවුන්ගේ මාසික වැටුප් හා දීමනා සහ එම සේවකයන් අනුයුක්ත කර තිබේ නම්, ඔවුන්ගේ මුල් සේවා ආයතනය වෙන් වෙන් වශයෙන් කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2025-09-24

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks